Monday, September 12, 2016

නැති එකාට නිකන් අධ්‍යාපනය, ඇති එකාට අධ්‍යාපනයේ නිදහස..



මේ දවස් වල සෑහෙන හිට් වෙන මාතෘකාවක් තමයි ප්‍රයිවට් කැම්පස්. ඇත්තටම ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යයද? මොනවද මේ ප්‍රයිවට් කැම්පස් කියන්නේ? සල්ලි දුන්න ගමන් ඩිග්‍රියක් දෙනවද ඒවයේ. එකී නොකී හොකී සියල්ල මේ ලිපියෙන් මම දන්න විදියට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් මධ්‍යස්ථ වෙන්න බලන්නම්. ඒත් මාත් ඉගෙන ගත්තේ ප්‍රයිවට් කැම්පස් එකක නිසා සමහර විට ඒ පැත්ත ගැන වැඩි පුර කතා වේවි..

අපි පටන් ගමු නිදහස් අධ්‍යාපනයෙන්. ඒ කියන්නේ 1 වසරේ ඉදන්. මොන්ටිසෝරි කාලේ ගත්තොත්නම් ඒකත් ප්‍රයිවට්. හැබැයි කන්නන්ගර මැතිතුමාට පින්සිද්ද වෙන්න ලංකාවේ හැමෝටම ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය නොමිලේ ලබා ගන්න වරම් හිමි උනා. ඔයයි මමයි අපි හැමෝම ඉස්කෝලේ ගිහින් ඒ අධ්‍යාපනය ලැබුවේ ඒ නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න. 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් අපි ඒ විදියට නිදහස් අධ්‍යාපනය ලැබුවට ඒ වෙනුවෙන් සිදු වෙන වියදම් වලට මේ රටේ මිනිස්සු බදු ගෙවනවා. නැත්නම් නිකන් හම්බ වෙන්නේ නෑනේ මේ ලෝකේ කිසි දෙයක්. ඒත් අපි මොකද කරන්නේ? නිකන් හම්බවෙන ඒ අධ්‍යාපනය ලබන අතරේ කටපාඩම් විභාග වලට මුහුණ දෙන්න සල්ලි ගෙවලා තව ටියුශන් ක්ලාස් යනවා.දැන් ඔතකොට ඇත්තටම ඔය ටියුශන් ක්ලාස් ගිහින් ගොඩ ගිය ඈයෝ ඇත්තටම ගොඩ ගියේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්නද? නැත්නම් සල්ලි ගෙවලා ක්ලාස් ගිහින් ඉගෙන ගත්තු දේවල් වලට පින්සිද්ද වෙන්නද? මම දන්න විදියට ඔය ටියුශන් කරන ලොකු ලොකු ගුරුවරු ජාතික පාසල් වල උගන්වන ගුරුවරු නෙමෙයි. ඒත් පාසල් වෙලාවල් වල දාන ක්ලාස් වලට ළමයි නම් යන්නේ ඒවට පාසලුත් නොයා. අන්තිමට මෙඩිකල් දානවා 80% පැමිණීම ගන්න. ඔන්න ඕකයි අද 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියන නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන්නේ.

කොහෙද මේකේ වැරැද්ද ඔතකොට? කොතනද අපිට වැරදුනේ?

ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින තුන්වන පන්තියේ රටක් තාම. අපිට වත්කමක් නෑ විදේශ ණයක් නැතුව හයිවේ එකක්, බලාගාරයක්, අඩුම තරමේ කලින් ගත්තු ණයක් සඳහා පොලියවත් ගෙවන්න. අපේ රටේ තියන එකම ප්‍රශ්ණය අධ්‍යාපනය විතරක් නෙමෙයි. පාරට බැහැලා පාර හරස් කරලා මිනිස් ශ්‍රමය, කාලය කන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විතරක්මත් නෙමෙයි. රටක් උනාම ප්‍රශ්න කෝටියක් තියනවා විසද ගන්න. ඒවටත් සල්ලි යනවා. ඒවටත් බදු එකතු කරනවා. ඉතින් රටේ වත්කම් වලින් සීමිත කොටසක් තමයි අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ. මේ සීමිත කොටසින් නොමිලේ උසස් අධ්‍යාපනය, නැත්නම් ත්විතීක අධ්‍යාපනය ලබා දෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී ඉන්නවා. දැන් කොහොමද මේ සීමිත මුදලින් ලංකාවේ උසස් පෙළ සමත් වෙන හැමෝටම උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ? අන්න එතනදි තමයි ඉසෙඩ් ස්කෝර් එක එන්නේ.

හැමෝම බලන්නේ මේ ඉසෙඩ් ඉස්කොර් එක පැනගෙන කොහොම හරි නිකන් දෙන උසස් අධ්‍යාපනය ලබා ගන්න. සමහරු පදිංචිය කොහෙවත්. ක්ලාස් යන්නේ කොහෙවත්. ඒ ලෙවල් ලියන්නේ තවත් කොහෙවත්. මොක්ද ඉසෙඩ් ස්කොර් එකෙන් පැනගන්න තියන උවමනාවට. එහෙම කොහොම හරි ඉසෙඩ් ස්කොර් එකෙන් කට්ටියක් පැනගෙන නිකන් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබා ගත්තා කියලා උසස් පෙළ සමත් වෙන අනිත් ශිෂ්‍යයෝ මැටි හරක් වෙනවද? නෑනේ?

එතකොට 80%ක් විතර වෙන ඒ ශිෂ්‍යයොන්ට මොකද වෙන්නේ?
උසස් පෙළ සමත් උනත් උසස් අධ්‍යාපනයක් ලබන්න ඔවුන්ට වරම් නැද්ද?

ආණ්ඩුවට ඒ 80%ටත් නිකන් අධ්‍යාපනය ලබා දෙන්න තරම් වත්කමක් නෑ කියන එක ඕන මොළයකට තේරෙනවා නේද? එහෙනම් ඉතින් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම අඩුම තරමේ විශ්ව විද්‍යාල දෙක, තුන බැගින්වත් හදන්න වෙනවා. නැත්නම් ඉස්කෝලේම 13න් පස්සේ වෙනම ක්ලාස් දාන්න ඕනේ උසස් අධ්‍යාපනයට. ලොල්. හීන නේ ඉතින් මේවා.

අනිත් එක තමයි ලන්ඩන් ඒලෙවල් කරපු ළමයි. ඒ ළමයි ලන්ඩන් ඒලෙවල් කරා කියල ඒ ළමයින්ට අනිවාර්යයෙන් පිටරට යන්න ඕනේ කියලා නෑනේ. ඒ ළමයිනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්. ඒ ළමයින්ටත් අයිතියක් තියෙන්න ඕනේ තමන් කැමති දේ ඉගෙන ගැනීමේ නිදහසක්. ඒකට ලංකා ආණ්ඩුව මැදිහත් වෙලා  රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඔවුන් ඇතුළත් කරගන්නේ නැත්නම් පෞද්ගලික අංශයෙන් හෝ ඔවුන්ට අවස්තාවක් හිමි විය යුතුයි.

ඔන්න ඔතනදී තමයි ආයෝජකයො දකින්නේ ආයෝජන අවස්ථාවක්. උසස් පෙළ සමත් උනත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරි උන ළමයි අනාත වෙනවා ඔවුන් දැක්කා. ඇති හැකි ළමයි පිට රට ගිහින් ඉගෙන ගන්නවා ඔවුන් දැක්කා. එහෙම රට ගිය ළමයි එක්ක ලංකාවෙන් පිටට ඇදිලා යන විදේශ විනිමය, දැනුම් සම්පත ඔවුන් දැක්කා. එක තමයි ඔවුන් තීරණය කරන්නේ ලංකාව තුල උසස් අධ්‍යාපනය විකුණන්න. නැත්නම් ඩිග්‍රී එකක් සල්ලි වලට උගන්වන්න. ආයෝජකයෝ ඉල්ලුමක් නැත්නම් මේ වගේ වැඩ වලට අත තියන්නේ නෑ. ඔවුන් දැක්කා වගේම සෑහෙන ඉල්ලුමක් ආවා මේ සල්ලි ගෙවල ඉගෙනගෙන ඩිග්‍රී ගන්න වැඩේට. ඇත්තටම කියනවනම් අර ඉසෙඩ් ස්කොර් එක පන්නගෙන නිකන් අධ්‍යාපනය ලබන සමහරක් ශිෂ්‍යයනුතනිත් අයට හොරෙන් මේ ප්‍රයිවට් තැන්වල ඒවා කරන්න ගත්තා.

ඒත් අධ්‍යාපනය කියන්නේ නිසි ප්‍රමිතියකින් යුක්තව කරන්න ඕන දෙයක් නිසා අණ්ඩුවත් යම්තාක් දුරකට මැදිහත් වෙනවා මේවායේ ප්‍රමිතිය යාවත්කාලීන කරලා නියාමනය කරන්න. රජයට වියදම් කරන්න බැරි උනත් නියාමනය කරන්න පුලුවන්.

ඉතින් ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යද? ඔව් අවශ්‍යයයි.
ඒ කැම්පස් ජනසතු කරාම මොකද වෙන්නේ? 

සමහරක් හිතන් ඉන්නේ මේ ප්‍රයිවට් කැම්පස් වල සල්ලි දුන්න ගමන් ඩිග්‍රී එක අතට දෙනවා කියලා. ඇත්තටම එහෙමද? කවුරු මොනවා කිව්වත් ප්‍රයිවට් කැම්පස් වල මූලික පරමාර්ථය ලාභය. ඔවුන්ගේ නඩත්තුවට මිනිස්සු බදු මුදල් වියදම් කරන්නේ නෑ. ඒක නිසා ඔවුන් බලන්නේ කොහොම හරි ළමයින්ගෙන් ආදායම් ලබා ගන්න. එක නිසා ළමයි එක්සෑම් ෆේල් වෙන තරමට ඔවුන්ට ලාභයි. මොකද රිපීට් වලට සල්ලි ගෙවන්නත් ඕනේ නේ. ඒක නිසා ඔවුන් බලන්නේ කොහොම හරි එක්සෑම් තද කරලා තියන්න. ලේසී කරන්නේ නෑ. රජයේ කැම්පස් වගේ කැම්පස් සිලෙක්ට් උන ගමන් ඩිග්‍රි එක අතේ කියලා නිකන් ඉන්න බෑ. ඒක අංක එක. අංක දෙක තමයි ඔවුන්ගේ විෂය නිර්දේශ. මේ ප්‍රයිවට් කැම්පස් අතරේ තියෙන්නේ පුදුමාකාර තරඟයක්.  රැකියා වෙළදපොලට ඔවුන්ගේ කඩයෙන් ළමයි ඇතුළත් වෙන තරමට තමයි ඒ කඩේට ළමයි අනිත් පැත්තෙන් ඇතුල් වෙන්නේ. ඒක නිසා ඔවුන් හැම විටම උත්සහ ගන්නවා ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රම, විෂය නිර්දේශ, ගුරුවරුන්, ආදී සියල්ල රැකියා වෙළඳපොලට ගැළපෙන ආකාරයට සකසා ගන්න. නැතුව හැමදාම එක තැන පල් වෙවී තියෙන්නේ නෑ. එහෙම උනාම ඔවුන්ගේ ලාභය පහල බහිනවා. අන්න එතනදී ඔවුන් හැම විටම උත්සහ දරන්නේ අනිත් කඩේට වඩා වැඩි ප්‍රමිතියකින් තමන්ගේ කඩෙන් භාණ්ඩ නිකුත් කරන්නයි. ඔතකොටයි පාරිභෝගිකයෝ වැඩිවෙලා ලාභ වැඩි වෙන්නේ. ඒ කිව්ව දේ තේරුනේ නෑ වගේනම් කෙලින්ම කියන්නම්. 

ප්‍රයිවට් කැම්පස් යන ළමයීන්ටත් තියනවා ප්‍රොජෙක්ට්, වයිවා, රිසර්ච්, එක්සෑම්, ක්‍රෙඩිට්, ඉන්ටර්න්, සහ එකි නොකී හැම දෙයක්ම. ඔවුන් ඒවා සම්පූර්ණ කරලා පාස් උනොත් විතරයි අවසානයේ ඔවුන්ට ඩිග්‍රී එක හම්බ වෙන්නේ. නැත්නම් රිපීට් වෙවී ඉන්න තමා වෙන්නේ. 

දැන් එමුකො කලින් ප්‍රශ්නයට.
ප්‍රයිවට් කැම්පස් ජනසතු කරාම මොකද වෙන්නේ?

ඒ ප්‍රයිවට් කැම්පස් වලටත් අවුරුද්දකට ළමයි ගන්න පුලුවන් ධාරිතාවක් තියනවා. ඒ ධාරිතාව පුරවන්න වෙන්නෙත් අර ඉසෙඩ් ස්කොර් එකෙන් පැනලා ආව අයගෙන්ම තමයි. ඔතකොට උසස් පෙළ සමත්, ඒත් ඉසෙඩ් ස්කොර් එක පැනගන්න බැරි උන ළමයි මොකද කරන්නේ. බැරි අය නිකන් ඉදි. ඇති අය රට යයි. නැති අයට ශිෂ්‍යත්වයක් දෙන්නවත් විදියක් නෑනේ ඉතින්. ආයේ අර මුල පටන් ගත්තු තැනටම අපි එනවා නේද? හැබැයි ඊට පස්සේ ආණ්ඩුවෙන් කොහොමද මේවා නඩත්තු කරන්නේ? රජයට වත්කමක් නෑ මේවා ඒ ආකාරයෙන්ම නඩත්තු කරගෙන යන්න. වත්කමක් තියනවනම් කලින්ම පටන් ගන්නවනේ ආණ්ඩුවේ විදියට. අර කිව්ව තරඟකාරීත්වය නැතුව ගිහින් යාවත්කාලීන වෙන එක ඇණ හිටිනවා. පස්සේ ආයෝජකයො මැලි වෙනවා ඒ වගේ දෙයක් ආයෙ පටන් ගන්න. ලත් තැනම ලොප් තමයි ඊට පස්සේ.

දැන් බලමු ප්‍රයිවට් කැම්පස් නිසා රජයේ කැම්පස් වැහෙන්නේ කොහොමද කියලා?

රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කියන විදියට ප්‍රයිවට් කැම්පස් දැම්මම ආණ්ඩුවේ කැම්පස් වල උගන්වන මහාචාර්ය ආචාර්යවරුන් ඒ කාර්යන් මඟ ඇරලා, වැඩිපුර ගතමන්ට් එක හම්බ වෙන ප්‍රයිවට් කැම්පස් වල උගන්වන්න යනවලු. තමන්ට උගන්වන්නේ නැතුව වෙන තැනකට ගිහින් ඔවුන් උගන්වනවා කියලා, ඒ උගන්වන තැන් වහන්න කියන එක හරි ආත්මාර්ථකාමී දෙයක්. කොහෙ ගියත් ඒ ආචාර්යවරු කරන්නේ තව කෙනෙකුට උගන්වන එක. ඒ ඒ අදාළ ආයතන දැන ගන්න ඕනේ නියමිත වටිනාකමක් ඔවුන්ට දීලා තම ආයතන තුළ රඳවා ගන්න. එහෙම නැත්නම් හරි සිස්ටම් එකක් හදා ගන්න ඕනේ දොස්තරවරු වගේ උදේට ආණ්ඩුවේ රෝහල්වල බේත් කරලා හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස්  කරනවා වගේ.

ප්‍රයිවට් බස් නිසා ලංගම වැටුනා(ලූ). ප්‍රයිවට් හොස්පිටල් නිසා ආණ්ඩුවේ හොස්පිටල්වල සෙනග අඩු උනා.(ලූ) ඇත්තද මේ කතාව. ඇත්ත වෙන්න පුලුවන්. මොකද ප්‍රයිවට් ආයතන සමඟ ආණ්ඩුවේ ආයතන වලට තරඟකාරීත්වයක් දෙන්න බැරි වීම නිසා. එහෙම කියලා රටේ හැමෝම තරඟකාරීට්වයක් නැති එක තැන පල් වෙන අධ්‍යාපනයක් ලබලා වැඩක් නෑ. ඒක තමයි ආණ්ඩුව ලබා දෙන නිදහස් අධ්‍යාපනයත් තවත් ශක්තිමත් විය යුත්තේ. ඒවාගේ ළමයි සහ විෂයන් රැකියා වෙළඳපොලට ගැලපෙන පරිදි වෙනස් විය යුත්තේ. නැතුව පාර බ්ලොක් කරන් රැලි තිබ්බා කියලා මේ කිසි දෙයක් වෙන්නේ නෑ. නිකන් දේශපාලන අතකොලු වෙනවා විතරයි. 

දැන් ඉතින් බනින අය බනියි. ඒත් මගේ මේ අට පාස් මොලේට තේරෙන විදියට;
නැති එකාට නිකන් අධ්‍යාපනයත්, ඇති එකාට අධ්‍යාපනයේ නිදහසත් යන දෙකම තහවුරු විය යුතුයි. දෙකම තවත් ශක්තිමත් විය යුතුයි.

දැන් ඉතින් ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරන්න ඔබට භාරයි. උපාදි කඩ එපා කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම උපාදි කඩ තිබ්බේ නැත්නම් අපි අද කොහෙද? අද මේ රට කොහෙද කියලා..

Saturday, March 12, 2016

In reply to: What Your Schools Didn’t Teach You


OKAY.. So while I was scrolling up and down my newsfeed as usual, I came across this interesting article which was shared by one of my friends under the caption “I am deeply offended that I am being branded as a racist just because I went to Ananda College”. Naturally, I was curious and I decided to look into this article to find out how one can become a racist by simply having gone to a nationality based education institute. After reading that particular article, I decided NOT to share it. Yep, NOT SHARE it because I don’t want to spread the wrong impression about my Alma mater (Yes, I am an Anandian) or any other nationality/religion based educational institute. I simply refuse to share it.


The article, “What your schools didn’t teach you”, was written by a very well-educated girl who has won several awards and is the youngest nominee to something. I’m sorry ma’am, I’m not really good at literature like you. In fact, this is the first time I felt like writing a rant for something like this as a reply.


I shall go through the article by the points she made on her article. 
 

#1. Okay. She’s saying school is only one step of the way and life does not end there. So according to her opinion, we took only one step in our life for 13 years of our school life. Such a wasted life! But no, I disagree. I have taken not one, not two but many steps during my period in school; big steps and small steps which only took me forward in life and for this reason I am happy and grateful. I am sure everyone else has done the same regardless of whether they were from a Sinhala-Buddhist school or not. We learned how to live, how to love and how to treat people. We weren’t just raised as a biased “SinhaLe” people. Our best friends were people around our school; Muslims, Tamils, Burghers. We were in harmony and none of us hesitated to help another whenever it was needed.


She is comparing the annual Harvard-Yale game in USA with our culture in Sri Lanka. Really sister?! First of all, is it mandatory to import their culture to Sri Lanka? Second of all, when you mature, you will understand that there’s something called perspective. This works in real life as well. You see Harvard-Yale game is an event which ‘promotes a certain culture of academic thought that they collectively take pride in’. There are countries which are in a worst situation compared to us. Think about them looking at us in the same perspective of you looking at Harvard-Yale game. As we all know we are not confined to just football, rowing or any other sport.  Although cricket is the game that takes Sri Lanka around the world, many other sports are also getting popular among Sri Lankans giving rise to very talented sportsmen and sportswomen. Since you love statistics, I welcome you to check how many national players have emerged due to these non-profitable, not so Multi-million dollar sport events called big matches.


Also, why is it wrong to go back to school events or wear the school uniform again? You said that it is demeaning- “ you attend these schools when you are a child, before you’ve matured into an adult: a time in our lives we treasure quite a lot, but not enough to go back to our sports-meets dressed in our uniforms.” School is where you spend your life learning a lot of things about life, it’s the transition zone where everyone gathers knowledge, wisdom and mature through learning; a very vital phase in life! Therefore, in my eyes, revisiting the school, wearing the uniform even after your school days are over is merely a way of showing how much pride you take in having gone to the school, showing your respect, being reminded of all the things that you have learnt while wearing the uniform that has contributed to who you have become today.


Yes it is true; may be only 10% of our annual graduates receive entrance into distinguished universities. Blame it on the Z-score, if you have ever heard of that. Also just because someone failed a 3 hour exam paper, does not mean they are bound to live a low life. Again, I welcome you to google most successful persons in the world and about their drop outs. Everyone has their own talent. Just saying. Because I personally know a few people like that. 



#2. Misogyny? Never heard of that. Let me google first…   Ohh this. I know it! Too bad I didn’t know the exact term. I am not ashamed to admit that I always skipped the English class and used that time to learn something else for life. While googling for that term, I also happened to look up the definition of rape and this is what I found: “Unlawful sexual intercourse or any other sexual penetration of the vagina, anus, or mouth of another person, with or without force, by a sex organ, other body part, or foreign object, without the consent of the victim”. I would like to know when such an event happened when boys broke into your school and ‘vandalized it’. If something did happen, then you should report to the police immediately. It is a serious crime. Just don’t take is as a joke like you have mentioned in your article.


I agree on one thing though; no one should be sexually assaulted. Not in their school, work place, public transportation or anywhere. It’s just a rude and disgusting act of cowardness regardless of whether it was a man or a woman who gets assaulted. That’s something I have learned from my school.
 



#3. I’m not sure about where other schools stand when it comes to this; Men dressed up as women and behaving in a degrading manner. As far as I know, it doesn’t happen in Sinhala-Buddhist school parades. Please fill me up if I’m outdated. But you say it’s an ignorant act of misogyny and transphobia. Not sure where you get that information. Did you do a psychology course somewhere? It’s a good subject; I have always wanted to learn people. I should consider that. But again I know something. Being gay is not uncool. It is just illegal in Sri Lanka. Next time when someone call you ‘Gay’, stand up and say ‘Yeah I’m gay and proud’. That would change the mindset of people who think being called gay is something uncool. IF you really care for it change your facebook profile picture with rainbow filter. Lol.


Back to dressing up as women. GODDAMMIT they are not trying to insult transgender or women! But since I have no knowledge or experience in such things I’m not going to justify it here. *Closing this tab and watching The Danish girl* 




#4. Okay. Here comes my favorite part; where everyone calls Ananda and Nalanda (Mostly Ananda), a Sinhala-Buddhist school and puts the racist card on us. I have a question: Have you ever been to the Battle of the Maroons or are you just using your imagination?  I agree, sometimes these battles do become real battles between old boys and sometimes students. Like our grandparents said ‘Boys will be boys’. At the end of the day they all go out together. Some even go to same work place together the next Monday morning. 


As I have mentioned earlier, we had a good bond with other people around our school. We were surrounded by Muslims and Tamil people for almost 130 years now. So please stop teaching us how not to be racist. We know how to answer when it is needed. We stand for our nation and religion as we stand for other religions. 



At the end of the article you mentioned something about how to raise your kids. Well this is also interesting. The little boy who grows up seeing this culture has two options: Become a part of that culture OR step away from it and be a decent person in the future-just like his school teaches him to be. The little boy has 13 years to figure it out. Let him be. If he figure it out in the right way he will know how to treat women right and how to raise his own kids. Or chose the other way which will lead him to become some ignorant prick who assault women like you have mentioned in your article. This is not a perfect society, this wasn’t and this won’t be. It should start from you first. Then your friends. I guess in that way those little boys will make this society a beautiful place. 




I’ll end this long rant here. I have learnt a lot things from my school and they taught me really well with real life experiences. I guess it is time for you to catch up with those things you missed during your 13 years in school.


We learn what we want.

Problem is using it for greater good.




PS: You should come to Ananda one day. You’ll meet many nice little boys who will be taking the right path under the culture of Ananda. Also I admire your article, but there are so many plot holes, biased and judgmental opinions which is not nice. (May be you missed that lesson during that 13 years)

Powered by Blogger.