මේ දවස් වල සෑහෙන හිට් වෙන මාතෘකාවක් තමයි ප්‍රයිවට් කැම්පස්. ඇත්තටම ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යයද? මොනවද මේ ප්‍රයිවට් කැම්පස් කියන්නේ? සල්ලි දුන්න ගමන් ඩිග්‍රියක් දෙනවද ඒවයේ. එකී නොකී හොකී සියල්ල මේ ලිපියෙන් මම දන්න විදියට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් මධ්‍යස්ථ වෙන්න බලන්නම්. ඒත් මාත් ඉගෙන ගත්තේ ප්‍රයිවට් කැම්පස් එකක නිසා සමහර විට ඒ පැත්ත ගැන වැඩි පුර කතා වේවි..
අපි පටන් ගමු නිදහස් අධ්‍යාපනයෙන්. ඒ කියන්නේ 1 වසරේ ඉදන්. මොන්ටිසෝරි කාලේ ගත්තොත්නම් ඒකත් ප්‍රයිවට්. හැබැයි කන්නන්ගර මැතිතුමාට පින්සිද්ද වෙන්න ලංකාවේ හැමෝටම ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය නොමිලේ ලබා ගන්න වරම් හිමි උනා. ඔයයි මමයි අපි හැමෝම ඉස්කෝලේ ගිහින් ඒ අධ්‍යාපනය ලැබුවේ ඒ නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න. 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් අපි ඒ විදියට නිදහස් අධ්‍යාපනය ලැබුවට ඒ වෙනුවෙන් සිදු වෙන වියදම් වලට මේ රටේ මිනිස්සු බදු ගෙවනවා. නැත්නම් නිකන් හම්බ වෙන්නේ නෑනේ මේ ලෝකේ කිසි දෙයක්. ඒත් අපි මොකද කරන්නේ? නිකන් හම්බවෙන ඒ අධ්‍යාපනය ලබන අතරේ කටපාඩම් විභාග වලට මුහුණ දෙන්න සල්ලි ගෙවලා තව ටියුශන් ක්ලාස් යනවා.දැන් ඔතකොට ඇත්තටම ඔය ටියුශන් ක්ලාස් ගිහින් ගොඩ ගිය ඈයෝ ඇත්තටම ගොඩ ගියේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්නද? නැත්නම් සල්ලි ගෙවලා ක්ලාස් ගිහින් ඉගෙන ගත්තු දේවල් වලට පින්සිද්ද වෙන්නද? මම දන්න විදියට ඔය ටියුශන් කරන ලොකු ලොකු ගුරුවරු ජාතික පාසල් වල උගන්වන ගුරුවරු නෙමෙයි. ඒත් පාසල් වෙලාවල් වල දාන ක්ලාස් වලට ළමයි නම් යන්නේ ඒවට පාසලුත් නොයා. අන්තිමට මෙඩිකල් දානවා 80% පැමිණීම ගන්න. ඔන්න ඕකයි අද 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියන නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන්නේ.
කොහෙද මේකේ වැරැද්ද ඔතකොට? කොතනද අපිට වැරදුනේ?
ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින තුන්වන පන්තියේ රටක් තාම. අපිට වත්කමක් නෑ විදේශ ණයක් නැතුව හයිවේ එකක්, බලාගාරයක්, අඩුම තරමේ කලින් ගත්තු ණයක් සඳහා පොලියවත් ගෙවන්න. අපේ රටේ තියන එකම ප්‍රශ්ණය අධ්‍යාපනය විතරක් නෙමෙයි. පාරට බැහැලා පාර හරස් කරලා මිනිස් ශ්‍රමය, කාලය කන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විතරක්මත් නෙමෙයි. රටක් උනාම ප්‍රශ්න කෝටියක් තියනවා විසද ගන්න. ඒවටත් සල්ලි යනවා. ඒවටත් බදු එකතු කරනවා. ඉතින් රටේ වත්කම් වලින් සීමිත කොටසක් තමයි අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ. මේ සීමිත කොටසින් නොමිලේ උසස් අධ්‍යාපනය, නැත්නම් ත්විතීක අධ්‍යාපනය ලබා දෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී ඉන්නවා. දැන් කොහොමද මේ සීමිත මුදලින් ලංකාවේ උසස් පෙළ සමත් වෙන හැමෝටම උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ? අන්න එතනදි තමයි ඉසෙඩ් ස්කෝර් එක එන්නේ.
හැමෝම බලන්නේ මේ ඉසෙඩ් ඉස්කොර් එක පැනගෙන කොහොම හරි නිකන් දෙන උසස් අධ්‍යාපනය ලබා ගන්න. සමහරු පදිංචිය කොහෙවත්. ක්ලාස් යන්නේ කොහෙවත්. ඒ ලෙවල් ලියන්නේ තවත් කොහෙවත්. මොක්ද ඉසෙඩ් ස්කොර් එකෙන් පැනගන්න තියන උවමනාවට. එහෙම කොහොම හරි ඉසෙඩ් ස්කොර් එකෙන් කට්ටියක් පැනගෙන නිකන් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබා ගත්තා කියලා උසස් පෙළ සමත් වෙන අනිත් ශිෂ්‍යයෝ මැටි හරක් වෙනවද? නෑනේ?
එතකොට 80%ක් විතර වෙන ඒ ශිෂ්‍යයොන්ට මොකද වෙන්නේ?
උසස් පෙළ සමත් උනත් උසස් අධ්‍යාපනයක් ලබන්න ඔවුන්ට වරම් නැද්ද?
ආණ්ඩුවට ඒ 80%ටත් නිකන් අධ්‍යාපනය ලබා දෙන්න තරම් වත්කමක් නෑ කියන එක ඕන මොළයකට තේරෙනවා නේද? එහෙනම් ඉතින් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම අඩුම තරමේ විශ්ව විද්‍යාල දෙක, තුන බැගින්වත් හදන්න වෙනවා. නැත්නම් ඉස්කෝලේම 13න් පස්සේ වෙනම ක්ලාස් දාන්න ඕනේ උසස් අධ්‍යාපනයට. ලොල්. හීන නේ ඉතින් මේවා.
අනිත් එක තමයි ලන්ඩන් ඒලෙවල් කරපු ළමයි. ඒ ළමයි ලන්ඩන් ඒලෙවල් කරා කියල ඒ ළමයින්ට අනිවාර්යයෙන් පිටරට යන්න ඕනේ කියලා නෑනේ. ඒ ළමයිනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්. ඒ ළමයින්ටත් අයිතියක් තියෙන්න ඕනේ තමන් කැමති දේ ඉගෙන ගැනීමේ නිදහසක්. ඒකට ලංකා ආණ්ඩුව මැදිහත් වෙලා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඔවුන් ඇතුළත් කරගන්නේ නැත්නම් පෞද්ගලික අංශයෙන් හෝ ඔවුන්ට අවස්තාවක් හිමි විය යුතුයි.
ඔන්න ඔතනදී තමයි ආයෝජකයො දකින්නේ ආයෝජන අවස්ථාවක්. උසස් පෙළ සමත් උනත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරි උන ළමයි අනාත වෙනවා ඔවුන් දැක්කා. ඇති හැකි ළමයි පිට රට ගිහින් ඉගෙන ගන්නවා ඔවුන් දැක්කා. එහෙම රට ගිය ළමයි එක්ක ලංකාවෙන් පිටට ඇදිලා යන විදේශ විනිමය, දැනුම් සම්පත ඔවුන් දැක්කා. එක තමයි ඔවුන් තීරණය කරන්නේ ලංකාව තුල උසස් අධ්‍යාපනය විකුණන්න. නැත්නම් ඩිග්‍රී එකක් සල්ලි වලට උගන්වන්න. ආයෝජකයෝ ඉල්ලුමක් නැත්නම් මේ වගේ වැඩ වලට අත තියන්නේ නෑ. ඔවුන් දැක්කා වගේම සෑහෙන ඉල්ලුමක් ආවා මේ සල්ලි ගෙවල ඉගෙනගෙන ඩිග්‍රී ගන්න වැඩේට. ඇත්තටම කියනවනම් අර ඉසෙඩ් ස්කොර් එක පන්නගෙන නිකන් අධ්‍යාපනය ලබන සමහරක් ශිෂ්‍යයනුතනිත් අයට හොරෙන් මේ ප්‍රයිවට් තැන්වල ඒවා කරන්න ගත්තා.
ඒත් අධ්‍යාපනය කියන්නේ නිසි ප්‍රමිතියකින් යුක්තව කරන්න ඕන දෙයක් නිසා අණ්ඩුවත් යම්තාක් දුරකට මැදිහත් වෙනවා මේවායේ ප්‍රමිතිය යාවත්කාලීන කරලා නියාමනය කරන්න. රජයට වියදම් කරන්න බැරි උනත් නියාමනය කරන්න පුලුවන්.
ඉතින් ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යද? ඔව් අවශ්‍යයයි.
ඒ කැම්පස් ජනසතු කරාම මොකද වෙන්නේ?
සමහරක් හිතන් ඉන්නේ මේ ප්‍රයිවට් කැම්පස් වල සල්ලි දුන්න ගමන් ඩිග්‍රී එක අතට දෙනවා කියලා. ඇත්තටම එහෙමද? කවුරු මොනවා කිව්වත් ප්‍රයිවට් කැම්පස් වල මූලික පරමාර්ථය ලාභය. ඔවුන්ගේ නඩත්තුවට මිනිස්සු බදු මුදල් වියදම් කරන්නේ නෑ. ඒක නිසා ඔවුන් බලන්නේ කොහොම හරි ළමයින්ගෙන් ආදායම් ලබා ගන්න. එක නිසා ළමයි එක්සෑම් ෆේල් වෙන තරමට ඔවුන්ට ලාභයි. මොකද රිපීට් වලට සල්ලි ගෙවන්නත් ඕනේ නේ. ඒක නිසා ඔවුන් බලන්නේ කොහොම හරි එක්සෑම් තද කරලා තියන්න. ලේසී කරන්නේ නෑ. රජයේ කැම්පස් වගේ කැම්පස් සිලෙක්ට් උන ගමන් ඩිග්‍රි එක අතේ කියලා නිකන් ඉන්න බෑ. ඒක අංක එක. අංක දෙක තමයි ඔවුන්ගේ විෂය නිර්දේශ. මේ ප්‍රයිවට් කැම්පස් අතරේ තියෙන්නේ පුදුමාකාර තරඟයක්. රැකියා වෙළදපොලට ඔවුන්ගේ කඩයෙන් ළමයි ඇතුළත් වෙන තරමට තමයි ඒ කඩේට ළමයි අනිත් පැත්තෙන් ඇතුල් වෙන්නේ. ඒක නිසා ඔවුන් හැම විටම උත්සහ ගන්නවා ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රම, විෂය නිර්දේශ, ගුරුවරුන්, ආදී සියල්ල රැකියා වෙළඳපොලට ගැළපෙන ආකාරයට සකසා ගන්න. නැතුව හැමදාම එක තැන පල් වෙවී තියෙන්නේ නෑ. එහෙම උනාම ඔවුන්ගේ ලාභය පහල බහිනවා. අන්න එතනදී ඔවුන් හැම විටම උත්සහ දරන්නේ අනිත් කඩේට වඩා වැඩි ප්‍රමිතියකින් තමන්ගේ කඩෙන් භාණ්ඩ නිකුත් කරන්නයි. ඔතකොටයි පාරිභෝගිකයෝ වැඩිවෙලා ලාභ වැඩි වෙන්නේ. ඒ කිව්ව දේ තේරුනේ නෑ වගේනම් කෙලින්ම කියන්නම්.
ප්‍රයිවට් කැම්පස් යන ළමයීන්ටත් තියනවා ප්‍රොජෙක්ට්, වයිවා, රිසර්ච්, එක්සෑම්, ක්‍රෙඩිට්, ඉන්ටර්න්, සහ එකි නොකී හැම දෙයක්ම. ඔවුන් ඒවා සම්පූර්ණ කරලා පාස් උනොත් විතරයි අවසානයේ ඔවුන්ට ඩිග්‍රී එක හම්බ වෙන්නේ. නැත්නම් රිපීට් වෙවී ඉන්න තමා වෙන්නේ.
දැන් එමුකො කලින් ප්‍රශ්නයට.
ප්‍රයිවට් කැම්පස් ජනසතු කරාම මොකද වෙන්නේ?
ඒ ප්‍රයිවට් කැම්පස් වලටත් අවුරුද්දකට ළමයි ගන්න පුලුවන් ධාරිතාවක් තියනවා. ඒ ධාරිතාව පුරවන්න වෙන්නෙත් අර ඉසෙඩ් ස්කොර් එකෙන් පැනලා ආව අයගෙන්ම තමයි. ඔතකොට උසස් පෙළ සමත්, ඒත් ඉසෙඩ් ස්කොර් එක පැනගන්න බැරි උන ළමයි මොකද කරන්නේ. බැරි අය නිකන් ඉදි. ඇති අය රට යයි. නැති අයට ශිෂ්‍යත්වයක් දෙන්නවත් විදියක් නෑනේ ඉතින්. ආයේ අර මුල පටන් ගත්තු තැනටම අපි එනවා නේද? හැබැයි ඊට පස්සේ ආණ්ඩුවෙන් කොහොමද මේවා නඩත්තු කරන්නේ? රජයට වත්කමක් නෑ මේවා ඒ ආකාරයෙන්ම නඩත්තු කරගෙන යන්න. වත්කමක් තියනවනම් කලින්ම පටන් ගන්නවනේ ආණ්ඩුවේ විදියට. අර කිව්ව තරඟකාරීත්වය නැතුව ගිහින් යාවත්කාලීන වෙන එක ඇණ හිටිනවා. පස්සේ ආයෝජකයො මැලි වෙනවා ඒ වගේ දෙයක් ආයෙ පටන් ගන්න. ලත් තැනම ලොප් තමයි ඊට පස්සේ.
දැන් බලමු ප්‍රයිවට් කැම්පස් නිසා රජයේ කැම්පස් වැහෙන්නේ කොහොමද කියලා?
රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කියන විදියට ප්‍රයිවට් කැම්පස් දැම්මම ආණ්ඩුවේ කැම්පස් වල උගන්වන මහාචාර්ය ආචාර්යවරුන් ඒ කාර්යන් මඟ ඇරලා, වැඩිපුර ගතමන්ට් එක හම්බ වෙන ප්‍රයිවට් කැම්පස් වල උගන්වන්න යනවලු. තමන්ට උගන්වන්නේ නැතුව වෙන තැනකට ගිහින් ඔවුන් උගන්වනවා කියලා, ඒ උගන්වන තැන් වහන්න කියන එක හරි ආත්මාර්ථකාමී දෙයක්. කොහෙ ගියත් ඒ ආචාර්යවරු කරන්නේ තව කෙනෙකුට උගන්වන එක. ඒ ඒ අදාළ ආයතන දැන ගන්න ඕනේ නියමිත වටිනාකමක් ඔවුන්ට දීලා තම ආයතන තුළ රඳවා ගන්න. එහෙම නැත්නම් හරි සිස්ටම් එකක් හදා ගන්න ඕනේ දොස්තරවරු වගේ උදේට ආණ්ඩුවේ රෝහල්වල බේත් කරලා හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා වගේ.
ප්‍රයිවට් බස් නිසා ලංගම වැටුනා(ලූ). ප්‍රයිවට් හොස්පිටල් නිසා ආණ්ඩුවේ හොස්පිටල්වල සෙනග අඩු උනා.(ලූ) ඇත්තද මේ කතාව. ඇත්ත වෙන්න පුලුවන්. මොකද ප්‍රයිවට් ආයතන සමඟ ආණ්ඩුවේ ආයතන වලට තරඟකාරීත්වයක් දෙන්න බැරි වීම නිසා. එහෙම කියලා රටේ හැමෝම තරඟකාරීට්වයක් නැති එක තැන පල් වෙන අධ්‍යාපනයක් ලබලා වැඩක් නෑ. ඒක තමයි ආණ්ඩුව ලබා දෙන නිදහස් අධ්‍යාපනයත් තවත් ශක්තිමත් විය යුත්තේ. ඒවාගේ ළමයි සහ විෂයන් රැකියා වෙළඳපොලට ගැලපෙන පරිදි වෙනස් විය යුත්තේ. නැතුව පාර බ්ලොක් කරන් රැලි තිබ්බා කියලා මේ කිසි දෙයක් වෙන්නේ නෑ. නිකන් දේශපාලන අතකොලු වෙනවා විතරයි.
දැන් ඉතින් බනින අය බනියි. ඒත් මගේ මේ අට පාස් මොලේට තේරෙන විදියට;
නැති එකාට නිකන් අධ්‍යාපනයත්, ඇති එකාට අධ්‍යාපනයේ නිදහසත් යන දෙකම තහවුරු විය යුතුයි. දෙකම තවත් ශක්තිමත් විය යුතුයි.
දැන් ඉතින් ලංකාවට ප්‍රයිවට් කැම්පස් අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරන්න ඔබට භාරයි. උපාදි කඩ එපා කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම උපාදි කඩ තිබ්බේ නැත්නම් අපි අද කොහෙද? අද මේ රට කොහෙද කියලා..